News

දන්ත ශල්‍යාගාර ප්‍රතිකාර සීමා කරයි

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින නිසා දන්ත ශල්‍යාගාරයන්හි ප්‍රතිකාර සීමා කිරීමට පියවර ගෙන ඇත.

වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා හදිසි ප්‍රතිකාර හා අවශ්‍ය ශල්‍යකර්ම ආදිය සාමාන්‍ය පරදි සිදුකරන අතර දත් පිරවීම්,සුද්ද කිරීම්, දත් ඇඳි දැමීම, ස්නායු පිරවීම, විකලාංග දන්ත ප්‍රතිකාර, ජංගම දන්ත වෛද්‍ය සේවා, කුඩා ළමුන්ගේ ෆ්ලොරයිඩ් ප්‍රතිකාර ආදි හදිසි නොවන ප්‍රතිකාර වෛරස් තත්වය පහව යන තුරු සිදු නොකිරීමට තීරණය කර ඇත.