දඹුල්ලේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
දඹුල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අද අලුයම 3.00ට පමණ අදාළ නාගරික මන්ත්‍රීවරයා විසින් ව්‍යාපාරිකයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථානය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
