News

දඹුල්ල ආර්ථිකයේ දොර යලි ඇරෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය අප්‍රේල් 5,6,7,යන තෙදින වසා තමා අප්‍රේල් 8 වනදා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතව තිබිණි.

එහෙත් රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සහ ආර්ථික මධ්‍යස්ථානයට  පැමිණෙන බොහෝ ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ  අනාරක්ෂිත කෙස අධික සෙනඟ ගැවසීම මෙම නව කොරෝනා වෛරසය තත්ත්වය  පැතිර යෑමේ දැඩි අවදානම හෙතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉකුත් අප්‍රේල්  7 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට ආර්ථික මධ්‍යස්ථාන  පාලනාධිකාරිය කටයුතු කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමෙන් අනතුරුව දින 14 කට පසුව 19 දින  පෙරවරු 6.00 සිට නැවත ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  ගොවීන් සිය නිෂ්පාදන විශාල වශයෙන් රැගෙන එන්නට වූ අතර අලුයම හතරේ  සිටම දඹුල්ල නගරයේ දැඩි වාහන තදබදයක් දැකගන්නට ලැබිණි.

දඹුල්ල නගරයට පිවිසේන් සෑම මාර්ගයකම කිලෝමීටර් තුනත් පහත් අතර එළවළු  ලොරි රථ පෝලිම් උදෑසන සිටම දැකගැනීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව වසා දැමුණු දින 14 තුළද ගොවීන් හා වෙළෙඳන් දඹුල්ල නගරයේ තැන තැන එළවළු අලෙවි කිරීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කොකට දැඩි අනාරක්ෂිත ආකාරයෙන් සිදු  කරන්නට විය.

ඒ දින කිහිපයේ දඹුල්ල නගරය ඇඳිරි නීති පැවතුනද දැඩි ජනාකීර්ණ තත්ත්වයක් දැක
ගැනීමට හැකියව ලැබිණි.

දඹුල්ල නගරම අනාරක්ෂිත කුඩා ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වි තිබිණි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළෙඳ සංගමය සහ නාගරික සෞඛ්‍යදෙපාර්තමේන්තුව සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසුව නැවත 19 දින සිට
ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා විවෘත කර තැබීමට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කොටසවස 6සිට 8 දක්වා එහි  පිරිසිදු කිරීම් කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 19 දින එළවළු ලොරි රථ 5000කට ආසන්න  ප්‍රමාණයක් ලැබී ඇති බවත් තම ගොවීන්ට උපරිම මිලක් ලබාදීම සඳහා අවශ්‍ය  පියවර ගන්නා බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.

මුඛ ආවරන නොමැතිව පැමිණෙන පිරිස් ඉවත් කිරීමට ඇතුලත රැදී සිටීමේදී මුඛ  ආවරණ ඉවත් කරන පිරිස් වෙළද පොළ තුලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඒ  මහතා පැවසිය .

පසුගිය දින කිහිපයේම එළවළු අස්වැන්න අලවි කිරීම සඳහා රැගෙන ආ ගොවීන් විවිධ කණ්ඩායම් විසින් කොල්ලකා විනාශ කළ බවත් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බව ආරංචියත් සමග ගොවීන් තම බව භෝග නිෂ්පාදන සියල්ල දඹුල්ල ආර්ථික  මධ්‍යස්ථානයට තුළට රැගෙන එන්නේ විශාල බලාපොරොත්තුවකින් බවත් එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීම තම ව්‍යාපාරික ප්‍රජාවගේ ම අරමුණ බය  බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙදින ළවළු තොග මිලෙහි විශාල වෙනසක් නැතත් මධ්‍යස්ථ මිල ගණන් යටතේ එළවළු අලෙවි වීම සිදුවිය.

(දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස