News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට විවෘත වන වෙලාව මෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට  (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති චන්න ඈරෑවුල මහතා පැවසීය.

කෙළඹ, ගම්පහ, ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති   ඇඳිරි නිතිය (26) උදෑසන 6.00ට අවසන් වන නිසාවෙන් ගොවියන්ට හා වෙළෙදුන්ට  (26)වනදා උදෑසන සිටම වෙළදාම කරගත හැකි නිසා වෙළෙදුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ  ඉල්ලීමට මෙමෙ තිරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය (25) උදෑසන වසා තබන අතර සවස 05 සිට විවෘත කිරීම මගින් ගොවියන්ට නිසි පරිදි වෙළෙන්දන්හට් තම එළවළු අළෙවි කරගත හැකි බවත්  වෙළෙන්දන්ටද පසුදා (26) ඇදිරීනිතිය ඉවත්කරන නිසා එදින උදෑසන සිටම වෙළදාම්  කටයුතු සිදුකරගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

(දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස)