දයාසිරි-දුමින්ද ඇතුළු 5කට රාජ්‍ය ඇමැතිකම්
ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් පස්දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රීලනිප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පස්දෙනකුට රාජ්‍ය ඇමැතිධුර හිමි වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවැසීය.
භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නටද රාජ්‍ය ඇමැතිධුරයක් බොහෝ දුරට හිමි වනු ඇතැයි එම ප්‍රකාශකයා කීවේය.
රාජ්‍ය ඇමැතිවරු හෙට (27 වැනිදා) දිවුරුම් දෙති.
නිලන්ත මදුරාවල
