News

දරුණු ආර්ථීක අවපාතයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවයි

මෙම වසරේ COVID-19 වෛරසයේ බලපෑමෙන් දරුණු ආර්ථික අවපාතයකට මුහුණදීමට සිදු වනු ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

2021 වසරේදී වුව ද එම කඩා වැටීම පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් නොවනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටාලිනා ජෝජීවා පැවසුවේ 1930 වසරේ සිදුවූ මහා ආර්ථික කඩා වැටීමට පසුව සිදුවන දරුණුතම අවපාතය මෙය වනු ඇති බවයි.