දහම් පාසල් ආරම්භ කරන දිනය තවදුරටත් කල්යයි
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් නැවත විවෘත කරන දිනය යළිත් වරක් කල් දැමූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ රැස්වූ බෞද්ධ උපදේශන කාරක සභාවේදී තීරණය කර ඇත්තේ සියලු ම පාසල් විවෘත කිරීමෙන් පසු දහම් පාසල් විවෘත කිරීමට ය.
මීට පෙර දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර තිබුනේ ලබන 12 වැනිදාය.