දළදා මාලිගා පරිශ්‍රය දුමායනය කරයි
කොරෝනා වෛරස් බියකින් තොරව බැතුමතුන්ට දළදා මාලිගාව වන්දනාමාන කිරීම පිණිස විෂබීජ හරණය කළ හැකි පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවක් උපයෝගි කර ගනිමින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය දුමායනය කිරීමට කිරීමට කටයුුතු කර තිබෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
පාරම්පරික ඖෂධ වර්ග 15 ක් හා තෙල් වර්ග 05 ක් යොදා මෙම විශේෂ විෂබීජ හරණ ඖෂධය සකස් කර තිබෙන බවද ඒ මහතා කීය.
කොරෝනා වෛරස් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමඟ ශ්‍රී දළදා මාලිගාව විසින් ඊට මුහුණ දීම පිණිස ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට (14) දා දළදා මැදුරේදී පැවැති මාධ්‍යය හමුවකදී දියවඩන නිළමේවරයා මේ බව ප්‍රකාශ කළේය.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතුමතුන් වෛරස් රෝග තත්ත්වයන් ගෙන් ආරක්ෂාකර ගැනීම කිරීම පිණිස අදියර තුනක් යටතේ පියවර ගෙන තිබෙන බවත් මුල් අදියර යටතේ ශ්‍රී දළදා මාලිගාවට ප්රවිශ්ඨ වීමට ඇති දොරටු ඇතුළු ස්ථාන ගණනාවක මුහුණ සහ අතපය සෝදා ගැනීමට ස්ථාන ස්ථාපිත කළ බවත් කී ඒ මහතා ශ්‍රී දළදා මාලිගාව අභ්‍යන්තරය හා පිටත දුමායනය කිරීම පැය 24 පුරා ක්‍රියාත්මක බවද අවධාරණය කළේය.
කමල් සුරවීර
