දැඩි අව් රශ්මියට නිරාවරණය වූ රස කැවිලි භාවිතයෙන් වළකින්න
දැඩි අව් රශ්මියට නිරාවරණය වූ කේක් සහ රස කැවිලි භාවිතයෙන් වළකින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.
දැඩි අව් රශ්මිය හේතුවෙන් එම ආහාරවල රසායනික සංයුතිය වෙනස්වී ගුණාතමකභාවයට හානි විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා පැවසුවේය.
ඒ හේතුවෙන් සෑම විටම ආරක්ෂිත ක්‍රමවේද යටතේ, අසුරන ලද ආහාර පමණක් භාවිතයට ගන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.