දිගම්බරන් වතු කම්කරුවන් වෙනුවෙන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක නිරිත වීමට නියමිතය.
කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඒ බව පැවසු අතර තම දේශාපාලන ඉදිරි ගමන පිළිබඳව අමාත්‍යවරයා සභාපති ධුරය දරන කම්කරු ජාතික පෙරමුණේ සහ ලංකා ජාතික කම්කරු සංගමයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා රැස් වූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන බව පවසමින් වතුකරයේ දේශපාලනඥයින් වතු කම්කරුවන්ව මුලා කල බවයි.
එම ජනතාව වෙනුවෙන් වතු කම්කරුවන්ට මෙවර වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රු 140 දිරිගැන්විමේ දිමනාව අග්‍රාමාත්‍යවරයා කම්කරු ඇමතිවරයාත්, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාත්, මැදිහත් වි වතු සමාගම් වෙතින් ලබා දිමට කටයුතු නොකල හොත් දමිල ප්‍රගිතශිලි සන්ධානය ඉදිරියේදි දේශපාලන වශයෙන් දැඩි තිරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා මෙම රැස්විමේදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.