News

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද අලුයම 5.15 ට පමණ බොරැල්ල, කිංසි පාරේදී එම අනතුර සිදු ව ඇති බවපොලීසිය සඳහන් කළ අතර අනතුරින් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.