News

දියනාමින් සිටි දෙදෙනකු ජල පහරට හසුවීමෙන් අතුරුදහන්

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ආරම්භ වන බඹරඇල්ලෙන් ගලා බසින ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් 05දෙනෙකු අතරින් දෙදෙනෙකු ජල පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත.

අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු 20 හා 21ක් වන කැප්පෙටිපොල හා හිල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර අතුරුදහන්වුවන් සොයා පොලිසිය ප්‍රදේශවාසීන් හා නාවික හමුදාව එක්ව සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.