දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන අතර පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75කපමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.
උතුරු මැද, වයඹ, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වලත්අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
