දිවයිනේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
අද දින දිවයිනේ ප්‍රදේශ රැසක ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබන 18 වනදා දක්වා සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වල ත් ප්‍රබල අකුණු ඇති විය හැකි බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ඉදිරි දිනවලදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.