News

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව පළාතෙත් කුරුණෑගල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බවත් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොටසහ පොතුවිල් හරහා මඩකළපුව දක්වාවන ගැඹුරුසහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව මේ පිලිබඳ අවධානය යොමුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.