News

දිවයින පුරා රෝහල්වල ඖෂද හිඟයක්

දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇති බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

මාස 02 ක සිට මෙම ඖෂධ හිගය පවතින බව එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ඖෂධ බෙදා හැරීමෙන් අනතුරුව ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බවටය.