දිස්ත්රික්ක තුනක පොල් තෙල් සාම්පල පරීක්ෂණයට
පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම සදහා මේ වන විට වෙළෙඳපොළේ ඇති පොල් තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව දිස්ත්රික්ක තුනක අලෙවි කිරීමට තිබූ පොල් තෙල් සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇත.
පාරිභෝගි කටයුතු අධිකාරිය සදහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්ක වලින් ලබාගත් පොල් තෙල් සාම්පල මේ වන විට පරීක්ෂණාගාර වෙත යොමු කර ඇති බවයි.
ඉදිරියේදී සෙසු දිස්ත්රික්කවල ද පොල් තෙල් ලබා ගන්නා අතර, එම සාම්පල ද පරීක්ෂණාගාර වෙත යොමු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.