දිස්ත්‍රික්ක 06ක උණුසුම් දර්ශකය ඉහළට
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (01) වැඩිවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම දිස්ත්‍රික්කවල උෂ්ණත්ව දර්ශකය සෙල්සියස් අංශක 41 ත් 54 ත් අතර මට්ටමක පවතින බවත්,එය අනතුරුදායක මට්ටමක් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම, අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය, ආඝාත තත්ත්වයන් ආදිය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතුවලින් වළකින ලෙසත්, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම,කුඩා ළමුන් වාහන තුළ තනිවම නොරදවන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාලිය කුමාර ගුණසේකර