News

දිස්ත්‍රික්ක 11කට අද දිනයේ උණුසුම් කාලගුණයක්

අද දිනයේ දිස්ත්‍රික්ක 11කට උණුසුම් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.

පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවල අද උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල ජනතාව වැඩි ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳි සිටීම හා අධික වෙහෙසකාරී ක්‍රියාවලින් ඉවත්ව සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලයි.