News

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 19ක් සදහා අද (06) පෙරවරු 6.00 සිට පස්වරු 2.00ට දක්වා ලිහිල් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සදහා මෙලෙස අද උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කෙරුණි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.