“දීඝවාපිය අරුණ” අරමුදල සඳහා රුපියල් මිලියන 50ක මුදලක්
“දීඝවාපිය අරුණ” අරමුදල සඳහා බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදල් චෙක් පත ඊයේ (02) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබේ.
නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම සහ ප්රමුඛ සංරක්ෂණ කර්තව්‍ය ලෙස දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කෙරෙනවා .
“දීඝවාපිය අරුණ” අරමුදල ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 ආරම්භ කර ඇත. දීඝවාපිය ප්‍රතිසංස්කරණයට සමගාමිව විශ්‍රාම ශාලාව ඉදිවන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල වන රුපියල් මිලියන 75ක මුදලින් මිලියන 25ක මුදලක් සුදත් තෙන්නකෝන් මහතා පරිත්‍යාග ලෙස ලබාදී ඇත.
ඉතිරි මුදල වන රුපියල් මිලියන 50ක මුදල බෞද්ධයා නාලිකාව විසින් ලබාදී තිබේ.