දුම්මලසූරිය ප්රදේශයේ සෝදිසි මෙහෙයුමකින් 7දෙනෙකු අත්අඩංගුවට
දුම්මලසූරිය යදම්වෙල ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ යුද හමුදාව හා පොලීසිය එක්බද්ධව මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි.
එහිදී පෙට්රල් බෝම්බ 08ක් , යතුරු පැදියක් හා රුපියල් 560,000 ක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබූ ආරක්ෂක අංශය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස එම ප්රදේශයේම පදිංචි කරුවන් වේ.
මේ අතර බේරුවල , මරදාන වරාය පාර ප්රදේශයේ හා මහගොඩ යන ප්රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යුදහමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සොයා ගෙන තිබේ.
එහිදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.