News

දුම්රිය එංජින් රියදුරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දමයි

වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය එංජින් රියදුරු සංගමය තාවකාලිකව නවතා දමා තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේ අදාළ ගැටලු පිලිබඳ හෙට (13) දිනයේදී බලධාරීන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.

එම සාකච්ඡාවෙන් ලැබෙන තීරණයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරන බවද දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරියේදී වැඩවර්ජනයක් දියත් කරන බවද දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසා සිටියේය.