News

දුම්රිය රියදුරන් හෙට අසනීප නිවාඩු

දුම්රිය රියදුරන් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්ථා කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

අද(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට(06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් කියා සිටියි.

අද(05) දහවල් රැස්වී මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය බදාදා දින දුම්රිය රියැදුරන් කුඩු ප්‍රවාහනය කරන බවට කර ඇති ප්‍රකාශයකට විරෝධය දක්වා මෙම තීරණයට එළඹි බවද ඉන්දික මහතා පැවසීය.