දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම මීට හේතුව බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
එම හේතුවෙන් මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතින බව වාර්තා වෙයි.