News

දුම්රිය රියැදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමග අද (22) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඇති කර ගත් එකඟතාවකට අනුවයි.

සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (21) රාත්‍රියේ සිට දුම්රිය රියැදුරෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණා.

දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (22) උදෑසන දුම්රිය ප්‍රමාදයක් හට ගත්තා.