News

දුම්රිය වර්ජනය අවසන් කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන්කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (18) පෙරවරුවේ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බැවින්මෙම තීරණය ගෙන ඇත.