News

දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයට – කාර්යාල දුම්රිය 6ක් ධාවනය කෙරේ

දුම්රිය වෘත්තිකයන්ගේ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල බලා පිටත්ව යන මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය 6ක් පමණක් අද උදෑසන ධාවනය එක් කළ බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළේය.

මෙම වර්ජනය සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු දැනුවත් කර නොමැති බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කළේය.