දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කලේ අද පස්වරු 5.00 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවය.
මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියැදුරු අධීක්ෂණ කළමනාකරණ ක්ෂේත්රවල වෘත්තීය සංගම් කිහිපයක් එක්වීමට නියමිතව ඇත.