දුමින්ද දිසානායක ජනපති පරීක්ෂණ කොමිසමට සාක්ෂි ලබාදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) දින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ සාක්ෂි ලබා දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක මහතා කටයුතු කළ කාලයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑමට අදාලව කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අද දින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ සාක්ෂි ලබා දීම සිදු කළා.
පැයක පමණ කාලයක් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ රැඳී සිට සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහු පිටව ගොස් ඇත.
