දුරකථනයෙන් තර්ජනය කර රු. ලක්ෂ 35ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට
දුරකථනයෙන් තර්ජනය කර බියවද් රුපියල් ලක්ෂ 35ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සැකකරුවන් කඩුවෙල සහ හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට දුරකථනයෙන් තර්ජනය කර බියවද්දා රුපියල් ලක්ෂ 35ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් විමර්ශනය සිදුකර මෙම අපරාධය සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනක් ජංගම දුරකථනයක් ද සමග ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 27ක සහ වයස අවුරුදු 31ක පුද්ගලයින් දෙදෙනෙක්.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.