දෙබර ප්‍රහාරයකින් 07ක් රෝහලේ
කිලිනොච්චිය කරඩිපෝක්කු මංසන්ධිය සිට පණ්නන්කණ්ඩි දක්වා වන මාර්ගයේ ගමන්ගත් පිරිසකට ඊයේ(17) දෙබර ප්‍රහාරයක් එල්ල වි හත් දෙනෙකු රෝහල්ගත කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
මාර්ගයේ ගසක තිබු දෙබර වදයක් ඇවිස්සීම හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් පිරිසක් දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශවාසීන් පැවසූවේ දෙබර ප්‍රහාරයට 10 දෙනෙකු පමණ පිරිසක් ලක්ව ඇති අතර, අදාළ පිරිසෙන් හත් දෙනෙකු ප්‍රතිකාර වෙනුවෙන් යොමුවි ඇති බවයි.
ප්‍රහාරයට ලක්වූවන්ගේ තත්වය බරපතල නොවන බවද ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පැවසූවේ අදාළ මාර්ගයේ ගස් කිහිපයක දෙබර වද තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මීට පෙර දැනුම්දි තිබුණද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
වවුනියාව – මාධව කුලසූරිය