දෙමටගොඩ වර්චුසාහි සිරියාවෙන් IS පුහුණුව ලද සාමාජිකයෙක් – දෙහිවලදි අල්ලා ත්‍රස්ත විමර්ශනයට දෙයි
සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.
දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි මෙහෙයුමක් කර ඇත.
තුර්කිය හරහා සිරියාවේදී පුහුණුව ලද කණ්ඩායමක් කරන ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මෙම සැකකරු සේවය කළ වර්චුසා ආයතන මෘදුකාංග නිර්මාණය කරන ආයතනයකි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා