News

දෙමළ ජනතාවගේ ආරක්ෂකයා යනුවෙන් සුමන්තිරන්ට යාපනයෙන් උපහාර

දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරුකොට සුමන්තිරන් මහතාට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා යනුවෙන් ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් ඊයේ(16) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පැවැත්විණ.

දෙමළ ජනතාව‍ගේ ආරක්ෂකයා පිළිගනිමු යනුවෙන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් සුමන්තිරන් මහතාට මල් මාලා පළඳවා පිළිගැනීම එහිදි සිදුකෙරිණ.

පසුගිය සමයේ ඇතිවු දේශපාලන අර්බුද හමුවේ අදාළ දේශපාලන අර්බුද ප්‍රයෝජනයට ගනිමින් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මඟපාදා ගැනීම හා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළ බැවින් දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ලෙස සුමන්තිරන් මහතා පිළිගැනීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

ප්‍ර‍දේශවාසීන් පැවසූවේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් රජය වෙත බලපෑම් කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට සුමන්තිරන් මහතා මුලික වි කටයුතු කළ බවයි.
සුමන්තිරන් මහතා වෙත මල් මාලා පළඳවා පෙරහැරකින් කැදවාගෙන එමින් සුමන්තිරන් මහතා පිළිගැනීම හා ගෞරවය පිරිනැමීම සිදුකළහ.

වැඩසටහන් අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය