දෙරණට සම්මාන රැසක්
‘‘ස්ලිම් ජනතා සම්මාන 2021’’ උළෙලේදී දෙරණ මාධ්‍ය ජාලය සම්මාන රැසක් දිනා ගැනීමට ඊයේ (23 වැනිදා) සමත් විය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සම්මාන උළෙල පැවැත්විණි. එහි දී වසරේ තරුණ්‍යයේ රූපවාහිනි නාළිකාව ලෙස ටී.වී. දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය. වසරේ තාරුණ්‍යයේ ගුවන් විදුලි සම්මානය හිමි වූයේ එෆ්.එම්. දෙරණටය.
වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්නා ජනතා සම්මානය අද දෙරණ හිමි කර ගැනීමට සමත් විය.
වසරේ ටෙලි නාට්‍ය සඳහා වන ජනතා සම්මානය දෙවැනි ඉනිම හිමිකර ගත් අතර රූපවාහිනී නිවේදකයා සඳහා වන ජනතා සම්මානය චතුර අල්විස් විසින් හිමිකර ගැනීමට සමත් වූයේය. වසරේ ජනප්‍රිය නිළියට හිමි සම්මානය නයනතාරා වික්‍රාමාරච්චි හිමි කර ගත්තාය. හොඳම නළුවාට හිමි සම්මානය දෙවැනි ඉනිමේ රඟපෑ රවීන් කනිශ්ක හිමිකර ගත්තේය.