දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම කඩිනම් කෙරේ
බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය කොළඹ මහාධිකරණ ශාලා අංක 1හි පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉතා ඉක්මනින් දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කළ ද, එය පිහිටුවන ස්ථානය පිළබඳව ගැටලු මතුව තිබෙනවා.
මේ අතර දෙවන විශේෂ මහාධිකරණයේ නාම පුවරුව අනුමැතිය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
ඒ සඳහා අනුමැතිය ලද විගස මහාධිකරණයේ කටයුතු ආරම්භ කිරිමට හැකි බවයි අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
දෙවන විශේෂ මහාධිකරණය සඳහා අවශ්‍ය අනෙකුත් සෙසු නිලධාරීන් ද, මේ වන විට පත් කර ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළා.