දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කරනවා – තලතා
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වන දින ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබිය.
දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කිරිමට නියමිතය.