News

දෙවන පාසල් වාරය අගෝස්තු මස 1 වනදා අවසන්

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය යළි 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදා ආරම්භ වේ.