News

දෙවන විශේෂ මහාධිකරණය වැඩ පටන් ගනී

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අද ආරම්භ කර තිබේ.

මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා එම දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ලෙස කටයුතු කරති.

බරපතල මූල්‍ය සහ ආර්ථික වැරදි වලට අදාළ නඩු විභාග කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබේ.

පසුගිය කාලයේ සිදුවූ බරපතළ දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරමේභ කර ඇත.