දේශපාලනයට පොලිතින් තහනමක්
දේශපාලන කටයුතුවල සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීම වහාම නතර කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය සියලුම දේශපාලන පක්ෂවලට හා පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇත.
ඒ අනුව ඒ ඒ පක්ෂවල ආසන සංවිධායකවරුන්ටද ඒ බව දන්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ලිඛිතව දැනුම් දී තිබේ.
එසේ තිබියදී නීතිය කඩකරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වේ.
ඒ අනුව එම ආසනවල පක්ෂයට අදාළ පැහැයෙන් යුතු පොලිතින් හා ප්ලාස්ටික් යොදා ගනිමින් දේශපාලන කටයුතුවල සැරසිලි සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් ලෙස ඔවුන් වගකිව යුතු බව දන්වා ඇත.
චමින්ද සේනාරත්න