News

දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය අද ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා

වර්තමාන දේශපාලනය ක්‍රමය හේතුවෙන් රටේ ඉදිරි අනාගත ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද පෙරවරුවේ උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද වන විට සියලුමදේ දේශපාලන සහ ජාතිවාදය, ආගම්වාදය මුල් වී සිදුවන බවයි.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියා,

ජනාධිපතිවරණයේදීත් අපි නව දර්ශනයක් තුළින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන් ආකාරයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් කරලා, රට වඩාත් ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.