දේශපාලනය පටන්ගත් දින සිටම කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා
රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමන අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමඟ පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
හෙට දිනයේ රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර තමන් හෙලාදකින බවද අමාත්‍යවරයා පවසනවා.
තමන් දේශපාලනය ආරම්භ කළ දවසේ සිට මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමු කළ බවද අමාත්‍යවරයා සදහන් කළා.
පසුගිය මැතිවරණ සමයේ මෙවැනි ප්‍රශ්න හේතුවෙන් තම පාර්ශවයට වෙඩි තබා විශාල ගැටළු ඇති කළ බවත්තම පාර්ශවයේ චරිත ඝාතනය කළ බවත් ඔහු ප්‍රකාශ කළා.
එම නිසා මෙවැනි ව්‍යාපාර සිදු කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් නොමැති බවත් ලෝකේ කොයි කොනක සිටියද මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් දැඩි දඩුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පවසනවා.