දේශපාලන පළිගැනිම් සොයා බැලිමේ කොමිසමේ ලේකම්වරියට යලි වරෙන්තු
දේශපාලන පළිගැනිම් පිළිබද සොයා බැලීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය අනිද්දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නැවත වරෙන්තු නිකුත් කර තිඛේ.
අදාල දිනයට පෙර වරෙන්තුකාරිය අත්අඩංගුවට ගැනිමට නොහැකි වුවහොත් ඒ පිළිබද පොලිස්පතිවරයා අධිකරණය හමුවේ පෙනී සිට ඊට කරුණු දැක්විය යුතු බව ද මහාධිකරණය ලබා දී ඇති නියෝගයේ සඳහන්ව ඇත.
