දේශපාලන පළිගැනීම් ලැබූ අයට අප්‍රේල් මාසය ඇතුළත නිසි විසඳුම් – රංගේ බණ්ඩාර
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 32000ක් මේ වන විට ලැබී ඇති බව එක්සත් ජාත්ක පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි කාලයේ එක්සත් ජාතික පක්ෂ වෘත්තිකයින් සහ පාක්ෂිකයින් මෙම පළිගැනීම්වලට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළ අතර පළිගැනීම්වලට ලක්වූ සියලු දෙනාට ඉදිරියේදී සාධාරණයක් ඉටුකිරීමට තීරණය කර ඇති බවත් එක්සත් ජාත්ක පක්ෂය විසින් එම ගැටලුවලට අප්‍රේල් මාසය ඇතුළත නිසි විසඳුම් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.