දෛනික මූලික වැටුප රු. 1000ක් කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් ප්‍රධාන මාර්ග දෙකක් වසා දමයි
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
වතු කම්කරුවන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් න වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කල බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.
නව වැටුප් වැඩි කිරිම අනුව මිට ඉහල තමන්ට ගෙවු රු 140 ක දිරි ගැන්විමේ දිමනාවද අහිමි වු බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
කළු කොඩි අතතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂනය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිමට වතුකරයේ දේශපාලඥයින් කටයුතු නොකල යුතු බවයි.