News

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුව නියමිත පරිදි පී.සී.ආර් පරීක්ෂණ සිදුවනවාද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදුකළ යුතු බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

පළමු පෙළ ස්පර්ශකයින් සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ 15,000ක් පවත්වාගෙන යන ලෙස ඉල්ලා තිබුණ නමුත් එහි යම් අඩුවීමක් පේන්න තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.