News

දොඩන්ගොඩ පුතෙකු තම පියා ඝාතනය කරයි

දොඩන්ගොඩ පොලිස් වසමේ ගුලුගහගොඩ, බෝම්බුවල ප්‍රදේශයේ නිවසකදී පුතෙකු විසින් තම පියාගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වූ පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන සැකකාර පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොඩන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.