දෝහා සිට කටුනායකට විශේෂ ගුවන් යානයක්
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානයෙන් පැමිණ සිටි පිරිස අතර වැඩි දෙනෙකු කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්ය .
මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත