ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින්නැයි දැනුම් දෙයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා හමායන සුළං වේගය ද පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර තද සුළං ඇතිවිය හැකි බැවින් ඉදිරි පැය 24 තුළ ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
