News

ධීවර කාර්මිකයා සතු වු ගිනි අවිය පතුරම් සමඟ අල්ලයි

ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ හිස් පතරොමක් සමඟ සැකුකරුවෙකු ගාල්ල රත්ගම මාමඩවිලදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය කියයි.

පොලිසියට ලැබුණ නිරනාමික තොරතුරක් මත මහ මඟ ගමන් කරමින් සිටියදී පරික්ෂා කිරිමේදී සැකකරු ළඟ තිබි මෙම ගිනිඅවිය සහ හිස් පතරොම සොයා ගෙන ඇත.

රත්ගම ගම්මැද්දගොඩ පදිංචි 24 හැවිරිදි සැකකරු ධීවර කාර්මිකයකු බව අනාවරණය වී තිබේ. ගිනිඅවිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිව ඇත.

ගාල්ල – සුනෙත් ගාල්ලගේ